Your Cart

  • දියවැඩියාව – දැනුවත් වෙමු!

    Diabetes | Health Tips by CareLink | Staying Healthy

    Author: Dr. Chamedi Aloka (MBBS)

    දියවැඩියාව යනු කුමක්ද ?

    ශරීරය තුළ අග්න්‍යාශය නම් ඉන්ද්‍රියය මගින් ඉන්සියුලින් හෝමෝනය නිපදවන අතර එම හෝමෝනය ශරීරයේ සෛල තුළට සීනි ලබා ගැනීමට උපකාරී වීම මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කිරීමට දායක වේ. එහි දී ශරීරයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වූ විට හෝ නිපදවන ඉන්සියුලින් සෛල මඟින් භාවිතා කළ නොහැකි වූ විට විට රුධිර සීනි මට්ටම ඉහළ යන අතර එය දියවැඩියාව ලෙස හඳුන්වයි.

    දියවැඩියාව ආකාර 1 සහ 2 ලෙස වර්ග දෙකක් පවතී.

    පළමු ආකාරයේ යෙදී ශරීරය තුළ ඉන්සියුලින් ප්‍රමාණවත් තරම් නිපදවීමක් සිදුනොවන අතර මෙය බොහෝ විට වයස අවුරුදු 30ට පෙර ඇති වේ. දෙවන ආකාරයේ දී ශරීරය තුළ ඉන්සියුලින් නිපද වු ව ද සෛල මගින් එය භාවිතා කළ නොහැක. දියවැඩියාවෙන් පෙළෙන බොහෝ පුද්ගලයන්ට මෙම දෙවන ආකාරය ඇති අතර එය සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් තුළ වර්ධනය වේ.

    දියවැඩියාව ඇතිවීම සඳහා අවදානම් සාධක

    • වයස වැඩි වීම
    • තරබාරුව
    • ආසියානු ජනවාර්ගිකත්වය
    • දියවැඩියාව පිළිබඳ පවුල් ඉතිහාසය

    මූලික රෝග ලක්ෂණ

    • නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය
    • අධික පිපාසය
    • ශරීරයේ බර අඩුවීම
    • තෙහෙට්ටු ගතිය
    • නොපැහැදිලි පෙනීම

    දියවැඩියාව හඳුනාගැනීම සඳහා සිදු කරනු ලබන පරීක්ෂණ

    • නිරාහාර ප්ලස්මා ග්ලූකෝස් පරීක්ෂණය (Fasting blood sugar) මෙහිදී රුධිරයේ සීනි මට්ටම 126 mg/dl වඩා වැඩි අගයක පවතී නම් එය දියවැඩියාව ලෙස සලකනු ලැබේ.
    • අහඹු ප්ලස්මා ග්ලූකෝස් පරීක්ෂණය (Random blood sugar > 200mg/dl), HbA1c පරීක්ෂණය (>6.5%), Oral glucose tolerance test, මීට අමතරව මුත්‍රා විශ්ලේෂණය, සම්පූර්ණ රුධිර ගණන, රුධිර යූරියා හා ප්ලස්මා ඉලෙක්ට්රොලයිට්ස්, Liver biochemistry යන පරීක්ෂණ යම් අවස්ථාවලදී රෝග විනිශ්චය සඳහා සිදුකරනු ලබයි.

    දියවැඩියාව මගින් ඇතිවිය හැකි අතුරු ආබාධ

    • කිරීටක ධමනි රෝග
    • පර්යන්ත සනාල රෝග
    • ආඝාතය
    • දෘෂ්‍යාබාධ
    • වකුගඩු ආශ්‍රිත රෝග
    • ස්නායු රෝග

    දියවැඩියාව පාලනය කළ හැක්කේ කෙසේද?

    • නිරෝගී ශරීර බරක් පවත්වා ගන්න.
    • ශරීරයෙහි BMI අගය 25 kg/m2 ට වඩා වැඩි නම් බර අඩු කර ගත යුතුය.
    • නිතිපතා ව්‍යායාම් කරන්න.
    • දිනකට මිනිත්තු 30 බැගින් සතියට අවම දින 5ක් වත් ව්‍යායාම කිරීම නිර්දේශ කෙරේ.
    • ආහාර තෝරා ගැනීමේදී සැකසුම් නොකළ හා තන්තු බහුල ආහාර තෝරා ගැනීම වැදගත්ය.
    • සීනි භාවිතය හැකිතාක් අවම කළ යුතු අතර මේදය අඩු හා ප්‍රෝටීන බහුල ආහාර යෝග්‍ය වේ.
    • දුම්පානය නතර කළ යුතුය.

    සෞඛ්‍ය ගැටලු අවම කර ගත හැක්කේ කෙසේද

    • දියවැඩියාව සඳහා ලබාදී ඇති ඖෂධ නියම කර ඇති පරිදි ලබා ගන්න.
    • අතුරු ආබාධ පවතීනම් හෝ නියමිත කාලයේ දී නැවත ඔබගේ වෛද්‍යවරයා හමු වීම වැදගත් ය.
    • රුධිරයේ සීනි මට්ටම ඉලෙක්ට්‍රොනික උපාංගයක් මගින් හැකිනම් නිවසේදී පරික්ෂා කළ යුතුය.
    • වෛද්‍ය නිර්දේශය අනුව නිශ්චිත කාල වකවානුවකදී වකුගඩු පරීක්ෂාවකට සහ අක්ෂි පරීක්ෂණයකට යොමුවීම තුළින් සංකූලතා අවම කර ගත හැක.
    • රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම හා රුධිර පීඩනය පිළිබඳ විමසිලිමත් විය යුතුය.
    • දිනපතා පාද පරීක්ෂාකර පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

     

    References

    https://www.nursingcenter.com/journalarticle?Article_ID=843489&Journal_ID=522928&Issue_ID=843475&fbclid=IwAR0YVwvB0hZTcNHkttfA_0IbJLMWZ2r9v2hWYrvYZGyAyhZmL27K9H09Poo

    Tagged in: Diabetes General Tips

    Open Whatsapp
    Need Help?
    Hello Customer
    Hello,
    How can we help you?